ගාමිණී ලොකුගේ අවසන් කටයුතු හෙට
02 July 2025 | දිනේෂ් රූපසිංහ - පිළියන්දල
ගාමිණී ලොකුගේ අවසන් කටයුතු හෙට
02 July 2025 | දිනේෂ් රූපසිංහ - පිළියන්දල
හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත විය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (30) රාත්‍රී අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 82 වන වියේ පසුවිය.
1943 මැයි මස 8 වැනිදා උපත ලබා ඇති ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සිය මූලික අධ්‍යාපනය ලබා 1960 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කර තිබේ.
ගාමිණී ලොකුගේ කැස්බෑව ආසනය නියෝජනය කරමින් පසුකාලීනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1983 දී පත්වීමෙන් අනතුරුව ආණ්ඩු කිහිපයකම ප්‍රබල මන්ත්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබුණි.
පැවැති රජයන් කිහිපයකම පාර්ලිමේන්තුව නියෝජනය කළ ගාමිණී ලොකුගේ අවසන් වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද්දේ 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසය.
ඒ පොදු ජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් එහි ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසිනි.
ගාමිණී ලොකුගේ විසින් ප්‍රදේශයේ සමාජ සේවාවන් ද විශාල ප්‍රමාණයක් සිදුකර තිබිණ.
අභාවප්‍රාප්ත ගාමිණී ලොකුගේගේ අවසන් කටයුතු දොලේකනත්ත සූසානභූමියේදී හෙට (03) සවස 5.00 සිදු කෙරේ.