අධිභාරය දීර්ඝ කිරීමෙන් වාහන මිල ලක්ෂ 15 - 50 ත් අතර ඉහළ යනවා
17 August 2026 | සාලිය කුමාර ගුණසේකර
අධිභාරය දීර්ඝ කිරීමෙන් වාහන මිල ලක්ෂ 15 - 50 ත් අතර ඉහළ යනවා
17 August 2026 | සාලිය කුමාර ගුණසේකර
වාහන සඳහා පනවන ලද අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීම මගින් මැයි මස 15 වැනිදායින් පසුව ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද වාහන රුපියල් ලක්ෂ 15 ත් 50 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව වාහන ආනයනකරුවෝ කියා සිටිති.
වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ සියයට 50 ක අධිභාරය දෙසැම්බර් මස 31 වැනිදා තෙක් දීර්ඝ කර ඇත. 1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිභාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර ඇත. මෙම අධිභාරය මැයි මස 15 වැනිදාට පෙර අදාළ නොවන්නේය. මාස තුනක කාලයක් සඳහා පනවා තිබූ අධිභාරය ඉකුත් 15 වැනිදා යළි දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.
වාහන සඳහා පනවා තිබූ අධිභාරය දීර්ඝ කිරීමට රජය කටයුතු නොකරනු ඇතැයි වාහන ආනයනකරුවන් බලාපොරොත්තුවෙන් සිටියද එය මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීම නිසා මෙලෙස වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසති. මේ අනුව, මැයි 15 වැනිදායින් පසුව ආනයනය කරන ලද වාහනවල මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවැසීය.
වාහන ආනයනය සඳහා මැයි මස 15 වැනිදාට පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අධි භාරය ඇතුළත් නොවූ බවත්, වාහන අලෙවි කිරීමේ ස්ථාන රැසක දැනට අලෙවි කිරීමට තිබෙන්නේ ඉහත දිනය පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළව ආනයනය කරන ලද වාහන බවත් වාහන ආනයනකරුෙවා් කියා සිටිති.
මැයි 15 වැනිදායින් පසුව විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළව ආනයනය කරන ලද වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 05 කින්, Toyota RAIZE මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්, වෙසෙල් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර ගණනකින්, ප්‍රාඩෝ ජිප් රථයක් රුපියල් ලක්ෂ 30 කින්, ලෑන්ඩ් කෘසර් රථයක් රුපියල් ලක්ෂ 50 කින් පමණ ඉහළ යෑමේ හැකියාව පවතින බවත් වාහන ආනයනකරුවෝ සඳහන් කරති.
මේ අනුව YARIs X GRADE වර්ගයේ මෝටර් රථයක මිල ඉදිරියේදී රුපියල් ලක්ෂ 105 ක් දක්වාද, Toyota RAIZE හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 155 ක් දක්වාද,VEZEL Z PLAY මෝටර් රථයක් රුපියල් ලක්ෂ 225 ක පමණ මිලක් දක්වාද ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.
කැබ් රථයක් රුපියල් ලක්ෂ 20 ත් 25 ත් අතර මිලකින් ඉහළ යන බවද වාහන ආනයනකරුවෝ සඳහන් කරති.
වාහන මිල ගණන් නිතර වෙනස් නොකර වෙනස් ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන්නේ නම් වාහන මිල උච්ඡාවචනය වීම වැළැක්වීමේ හැකියාව පවතින බවද වාහන ආනයනකරුවෝ පවසති.

