මහියංගණයේදී විදුහල්පතිගේ යතුරුපැදිය සොරාගනියි
19 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
මහියංගණයේදී විදුහල්පතිගේ යතුරුපැදිය සොරාගනියි
19 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
මහියංගනය, දෙමටන්ඇල්ල පදිංචි ප්රදේශයේ රජයේ පාසැලක විදුහල්පතිවරයා ඊයේ (18) දා පස්වරු 1.30 ට පමණ සිය යතුරු පැදිය බැංකුවක් ඉදිරියේ නතර කර මහියංගණය සති පොළට ගිය අවස්ථාවේ ඔහුගේ යතුරු පැදිය කිසිවෙකු විසින් හොරකම් කරගෙන ගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.
තමා සති පොලෙන් බඩු බාහිරාදිය මිලදී ගෙන යළි යතුරු පැදිය නතර කර තිබූ ස්ථානයට පැමිණ බලන විට යතුරුපැදිය එහි නොතිබූ බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 2 ක් පමණ වන බවත් මෙම විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පැවසීය.

