ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාව ඉනිමක පරාජයක අභියෝගයක
26 August 2026
ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාව ඉනිමක පරාජයක අභියෝගයක
26 August 2026
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 290කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්විය.
පළමු ඉනිම සදහා ඉන්දීය පිල කඩුළු 9ක් දැවී ලකුණු 503ක් රැස්කරගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
අනතුරුව එස්.එස්.සී පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 290ක් පමණී.
ඒ අනුව ලකුණු 213ක් පිටුපසින් සිටීම හේතුවෙන් දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ඉන්දීය නායකයා ආරාධනා කළේය.
ඒ අනුව මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා පිල කඩුළු 2ක් දැවී ඉතා අසීරු ලෙස පන්දුවට පහරදෙමින් ලකුණු 65ක් රැස්කරගෙන සිටියි.
ඉනිමක පරාජයෙන් බේරීම සදහා ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 148ක් රැස්කර ගත යුතු වේ.

