Best News Website award
brand logo
logo
 කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හම්බන්තොට වරායට රැගෙන එයි

කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හම්බන්තොට වරායට රැගෙන එයි

24 November 2026


මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ආරක්ෂිතව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත රැගෙනවිත් තිබේ.


නෞකාවේ එන්ජින් කාමරයට ජලය ඇතුළුවීම හේතුවෙන් එය ක්‍රියා විරහිත වී ඇති අතර, පසුව නෞකාව වරාය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.


හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කළේ, සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ MV AAL Gibraltar නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.


මීටර් 160කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව කාර්මික දෝෂයට ලක්වන අවස්ථාව වන විට ටොන් 23,000ක පමණ භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිට ඇති බව වාර්තා වේ.


නෞකාව ක්‍රියා විරහිත වීමෙන් අනතුරුව ටග් යාත්‍රා හතරක සහාය ඇතිව එය හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇදගෙනවිත් තිබේ.


එමෙන්ම, වරායට ඇතුළුවීම සඳහා අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳී සිටි කාලය තුළ අවස්ථා තුනකදී නෞකාවට අවශ්‍ය සහාය ලබාදීමට ද වරාය බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් වේ.


මේ වන විට නෞකාව අලුත්වැඩියා කටයුතු සඳහා වෙන්කර ඇති ස්ථානයක රඳවා තිබෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැඩිදුරටත් සඳහන් කරයි.


නෞකාවේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම මෙරට දේශීය නියෝජිත සමාගම වෙත පවරා ඇති අතර, නෞකාව යළි පිටත්ව යන දිනය මෙතෙක් තහවුරු කර නොමැත.

 

More News..