අයිස් කිලෝ 18ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
19 July 2026
අයිස් කිලෝ 18ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
19 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු සම්බන්ධව තොරතුරු රැසක් පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඊයේ (18) රාත්‍රියේදී වන අතර එහිදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18 ග්‍රෑම් 716ක් මෙන්ම විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගැනුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 26ක් වූ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම හා ජාවාරම් කිරීම සඳහා රැගෙන විත් ඇති බවය.
ඒ අනුව සැකකරුව අද (19) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.
මේ අතර ඊයේ රාත්‍රියේදීම කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 70ක් සමග අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ සමගම සැකකරු සතුව තිබී මත්පෙති 5,000ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වූ දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.

