brand logo
logo
කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි

කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි

09 November 2026


අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් සමඟ සිටියදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.


එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, බලදුර රංගිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති පුද්ගලයාය.


පසුගියදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.


අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ ඊට සහාය පළ කළ සිවිල් පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබූ අතර, පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබිණි.

 

More News..