Best News Website award
brand logo
logo
බලපත්‍ර නොමැතිව කොස් ගස් පහක් කැපූ විදේශිකයෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව කොස් ගස් පහක් කැපූ විදේශිකයෙකු අත්අඩංගුවට

22 November 2026


බලපත්‍ර නොමැතිව කොස් ගස් පහක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ, මේ සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීය.


ඒ අනුව ඊයේ (21) දහවල් වැලිගම පොලිස් වසමේ වනිගසිරි මාවත ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු වැලිගම ප්‍රදේශයේ නේවාසික වීසා මත පදිංචිව සිටින විදේශිකයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..