brand logo
logo
ගිනිඅවි, උණ්ඩ සහ ආයුධ රැසක් සමඟ පුද්ගලයෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට

ගිනිඅවි, උණ්ඩ සහ ආයුධ රැසක් සමඟ පුද්ගලයෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට

24 October 2026


පිස්තෝල බවට සැකකල හැකි ගිනිඅවි 2ක් හා බෝර 12 වර්ගයේ උණ්ඩ ඇතුළු ආයුධ කිහිපයක් සමග පුද්ගලයෙකු කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒ්කකය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.


පුද්ගලයෙකු සතුව ගිනි අවියක් තිබෙන බවට ලද තොරතුරකට අනුව එම ඒකකය සිදුකළ වැටලීමකදී මෙම ආයුධ සොයාගැනීමට හැකිවී තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු තව්ෆික් මොහොමඩ් අස්කි නමැත්තෙකු වන අතර, ඔහු කිරිගල හන්දිය, මුරුතවෙල, මාවනැල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී ආයුධ සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු සන්තකයේ තිබී හදුනානොගත් පිස්තෝල අවි 2ක්, මැගසින් 5ක්, ඊයම් බෝල 156ක්, බෝර 12 ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන උණ්ඩ 20ක්, ඊයම් කැබලි ලෙස ඇති ඊයම් ග්‍රෑම් 47යි මිලග්‍රෑම් 360ක් සොයාගෙන තිබේ.


එමෙන්ම බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන ලී බට් (1), තලය අඟල් 5ක් පමණ දිගින් යුත් තියුණු උලක් සහිත පිහියක්, I PHONE 13වර්ගයේ ජංගම දුරකථනයක් මෙහිදී පොලිසිය සිය භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු ආයුධ සමග මාවනැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

 

More News..