බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය හසීනාගේ උපන් ගමේ යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා
19 November 2026
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය හසීනාගේ උපන් ගමේ යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා
19 November 2026
බලයෙන් පහකරන ලද බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ උපන් ගම වන ගෝපාල්ගන්ජ් සහ ඒ අවට ප්‍රදේශවල පාලක පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු ඝාතනය කිරීමත් සමඟ යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නොසන්සුන්තාව අතරතුර පොලිස් ස්ථානයකට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවසකටද ගිනි තබා ඇත.
ඉකුත් අඟහරුවාදා පොලිසිය සහ හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුම්වලදී, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ප්‍රාදේශීය නායකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වී තිබුණි.
සැකකාර අවාමි ලීග් ආධාරකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ආරම්භ වූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා, ඉතා ඉක්මනින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත.
හඬපට සහ වීඩියෝ සාක්ෂි උපයෝගී කරගනිමින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවසූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


