වසර 2ක් තුළ මත්ද්‍රව්‍ය සැකකරුවන් 574,000ක් අත්අඩංගුවට
11 October 2026
වසර 2ක් තුළ මත්ද්‍රව්‍ය සැකකරුවන් 574,000ක් අත්අඩංගුවට
11 October 2026
ගෙවීගිය වසර දෙකක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් 574,000ක් නීතියේ රැහැනට හසුකරගත් බව බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
නිකවැරටියේ අද (11) පැවැත්වෙන මහජන රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී ජාවාරම්කරුවන් බන්ධනාගාර ගතවන බවය.
එමෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ සහ ජනජීවිතය සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස, අපරාධකරුවන් සතුව නීති විරෝධීව තිබූ ගිනිඅවි 3,980ක් රජයේ භාරයට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
රට තුළ පැවති බිඳවැටුණු නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කරමින්, මහජන මුදල් විනාශ කළ ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
අපරාධ හා මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව සිදුකෙරෙන සියලු විමර්ශන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීමට කටයුතු යොදා ඇත.
මින් ඉදිරියට නීතියෙන් බේරී සිටීමට කිසිදු වංචාකරුවෙකුට හෝ ජාවාරම්කරුවෙකුට ඉඩ නොතබන බවත්, විමර්ශන ආයතන ශක්තිමත් කරමින් එම කටයුතු කඩිනම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, මෙරට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී තිබෙන ලක්ෂ 11කට ආසන්න නඩු සංඛ්‍යාව කඩිනමින් විසඳා අවසන් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන බ ගෙන තිබේ.
අධිකරණ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් අධිකරණ සංඛ්‍යාව මෙන්ම විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවද ඉහළ නැංවීමට රජය පියවර ගත් බවද පැවසීය.
මීට අමතරව නඩු විසඳීමේ කාලය කෙටි කර මහජනතාවට ඉක්මන් සහන සැලසීමේ අරමුණින් අධිකරණවල නඩු විභාග කරන කාලසීමාවද වැඩි කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

