brand logo
logo
5 වන ජාත්‍යන්තර හමුදා වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ ලෝකඩ පදක්කම නාවික හමුදාවට

5 වන ජාත්‍යන්තර හමුදා වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ ලෝකඩ පදක්කම නාවික හමුදාවට

24 October 2026


පසුගිය 15 වනදා සිට 22 දින දක්වා ඕමානයේ දී පැවති 5 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ ලෝකඩ ශූරතා පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩිකාවන් සමත් විය.


ප්‍රංශය ජර්මනිය නෙදර්ලන්තය ඕමානය ඇල්ජීරියාව සහ ශ්‍රී ලංකාව සහභාගී වූ මෙම තරගාවලියේ දී ප්‍රබල කණ්ඩායමක් වූ ඇල්ජීරියානු ක්‍රීඩිකාවන් 2 - 0 ලෙස පරාජයට පත් කිරීමට මෙරට ක්‍රීඩිකාවන් සමත් වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නායක නැවි (කාන්තා) ඒ.කේ.ටී. ලක්ෂාණි සාමාන්‍ය නැවි (කාන්තා) එම්.ජී.ඩී. බණ්ඩාර සහභාගී වූහ.

 

More News..