brand logo
logo
 ඉන්දීය ආරක්ෂක ඇමති විපක්ෂ නායක හමුවෙයි

ඉන්දීය ආරක්ෂක ඇමති විපක්ෂ නායක හමුවෙයි

09 September 2026


තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.


කොළඹදී පැවැති මෙම හමුවේදී දෙරටට අදාළ පොදු කරුණු මෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන් වේ.


එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සංකේතවත් කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර තිළිණ හුවමාරුවක් ද සිදුව තිබේ.

 

More News..