brand logo
logo
වැඩිම වැස්ස තිඹිරිගස්යායට - මි.මී. 146ක්

වැඩිම වැස්ස තිඹිරිගස්යායට - මි.මී. 146ක්

07 November 2026


පසුගිය පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 146.60ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එමෙන්ම කොළඹ මට්ටක්කුලියෙන් මිලිමීටර් 125.50ක්, ගම්පහ අත්තනගල්ලෙන් මිලිමීටර් 117.60ක් සහ මහනුවර පස්බාගේ කෝරලයෙන් මිලිමීටර් 116.60 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.


කෑගල්ල අරණායකින් මිලිමීටර් 114.8ක්, කළුතර බුලත්සිංහලින් මිලිමීටර් 111.40ක්, කෑගල්ල යටියන්තොටින් මිලිමීටර් 103.40ක් සහ වරකාපොළින් මිලිමීටර් 94.80ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුන දත්ත පෙන්වා දී තිබේ.


මේ අතර කෑගල්ල රුවන්වැල්ලෙන් මිලිමීටර් 82.40ක්, කළුතර අගලවත්තෙන් මිලිමීටර් 82.20ක්, රත්නපුර අයගමින් මිලිමීටර් 69.00ක්, කොළඹ පිළියන්දලින් මිලිමීටර් 68.00ක්, රත්නපුර ඇහැළියගොඩින් මිලිමීටර් 65.20ක්, ගම්පහ මිනුවන්ගොඩින් මිලිමීටර් 64.50ක් සහ බදුල්ල හල්දුම්මුල්ලෙන් මිලිමීටර් 63.00ක වර්ෂාපතනයක් සටහන් වී ඇත.


එමෙන්ම මෙම අධික වර්ෂාපතනය හමුවේ ජලාශවල ජල මට්ටම් ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ.


ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 02 බැගින් සහ කුරුණෑගල දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 01 බැගින් විවෘත කර ඇත.


මීට අමතරව, මොණරාගල අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක් අඩි 02 බැගින්ද, අනුරාධපුර කලා වැවේ වාන් දොරටු 02ක් අඩි 01 බැගින්ද, හම්බන්තොට බදගිරිය ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 02 බැගින්ද විවෘත කර තිබේ.


එමෙන්ම හම්බන්තොට යෝධ වැවේ වාන් දොරටු 02ක් අඟල් 09 බැගින්ද, බදුල්ල අඹේවෙල ජලාශයේ වාන් දොරටු 02ක් අඟල් 01 බැගින්ද සහ රත්නපුර උඩවලව ජලාශයේ වාන් දොරටුවක් අඩි 01 බැගින්ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..