brand logo
logo
බස් රියැදුරන් කොන්දොස්තරලා 10%ක් මත්ලෝලීන්

බස් රියැදුරන් කොන්දොස්තරලා 10%ක් මත්ලෝලීන්

17 August 2026 | නිර්මාණි තිලකසිරි


වසරේ මේ දක්වා කාලයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී ඇත.


ජාතික ප්‍රවාහන ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆඩ් පෙරේරා පැවැසූයේ බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමුව පළාත් ආවරණය වන පරිදි මෙම මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් පරීක්ෂා කළ බවයි.


බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් මේ දක්වා පරීක්ෂා කිරීම් හත්දාස් හයසිය දෙකක් සිදුකර ඇත.


එලෙස සිදුකළ පරීක්ෂා කිරීම්වලදී සියයට පහත් දහයත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනාගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.


මත්ද්‍රව්‍ය වර්ග හතරක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර එහිදී එක් පුද්ගලයකු එම මත්ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් භාවිත කර ඇති බවට තහවුරු වී ඇත.


 

More News..