brand logo
logo
ඇල්පිටියේදී විශේෂ භෝග සායනයක් සහ කෘෂි තාක්ෂණික වැඩසටහනක්

ඇල්පිටියේදී විශේෂ භෝග සායනයක් සහ කෘෂි තාක්ෂණික වැඩසටහනක්

06 November 2026


දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඇල්පිටිය කෘෂිකර්ම උපදේශක ව්‍යාප්ති කාර්යාල ඒකාබද්ධව සංවිධානය කරන ලද විශේෂ භෝග සායනයක් සහ කෘෂි තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් අද (06) පෙරවරුවේ ඇල්පිටිය කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.


ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන විවිධ ක්ෂේත්‍ර ගැටලුවලට සෘජු විසඳුම් ලබාදීම මෙම සායනයේ ප්‍රධාන අරමුණ විය.


මෙහිදී වගාවන්ට වැළඳෙන රෝග, කෘමි හා පලිබෝධ හානි මර්දනය කිරීම සඳහා අවශ්‍ය නව තාක්ෂණික උපදෙස් සහ ක්‍රමවේද පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට කෘෂිකර්ම නිලධාරීහු කටයුතු කළහ.


මීට අමතරව, පාසල් දරු දැරියන් කෘෂිකර්මාන්තය කෙරෙහි යොමු කිරීම සහ ඔවුන්ගේ කෘෂිකාර්මික දැනුම වර්ධනය කිරීම අරමුණු කරගත් සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහනක්ද මෙම පරිශ්‍රයේදීම ක්‍රියාත්මක විය.


 

More News..