brand logo
logo
බස් රථයක් මින්නේරියේදී අනතුරට ලක්වෙයි - 22ක් රෝහලේ

බස් රථයක් මින්නේරියේදී අනතුරට ලක්වෙයි - 22ක් රෝහලේ

10 September 2026


පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්ව තිබේ.


පොලිසිය පැවසුවේ, මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් මෙම අනතුරක් සිදුව ඇති බවයි. 


අනතුරින් 22දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

More News..