පළාත් පාලන සතිය අද සිට එළැඹෙන 19 වැනි දින දක්වා
14 September 2026
පළාත් පාලන සතිය අද සිට එළැඹෙන 19 වැනි දින දක්වා
14 September 2026
පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් දිවයින පුරා පළාත් පාලන සතිය අද (14) සිට ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
ඒ අනුව අද සිට එළැඹෙන 19 වැනි දින දක්වා දින 6ක් පුරා මෙම පළාත් පාලන සතිය ක්‍රියාත්මක වන අතර මීට අදාළ ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකම සියළු පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ක්‍රියාත්මක වනු ඇත.
අමාත්‍යවරයා පැවසුවේ මෙහිදී මූලිකවම ජනතාවට බලපාන ගැටලු මෙන්ම පරිසර, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සහ සාහිත්‍ය සම්බන්ධ වුවමනාවන්, ඇතුළු සියලු කරුණු ආවරණය වන පරිදි මෙම පළාත් පාලන සතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.
අද දිනයේ ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්දන දිනය ලෙස නම් කර ඇති අතර ජනතාව අමාත්‍යාංශ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීම වෙනුවට ජනතාව වෙත පැමිණ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමේ ක්‍රියාවක් අද දිනයේදී සිදුවූ බවද අමාත්‍යවරයා පැවසීය.
තවද හෙට දිනයේදී මහජන උපයෝගීතා සහ යටිතල පහසුකම් දිනය ලෙස නම් කර ඇති අතර ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිතව පවතින යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ අලුතින් ඇතුළත් කිරීම මෙමගින් සිදු කිරීමට අපේක්ෂිතය.

