ලක්ෂපාන විදුලි බලාගාර මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කෙරේ
18 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ලක්ෂපාන විදුලි බලාගාර මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කෙරේ
18 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නෝටන්බ්රිජ් ටෙබටන් බින්දුව කණුවේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරය දක්වා කිලෝමීටර් 6.1ක් කාපට් අතුරා ප්රතිස්ංස්කරණය කිරිම නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි විසින් ඊයේ (17) දින ආරම්භ කෙරිණ.
එම මාර්ගය කාලයක් තිස්සේ ප්රතිසංස්කරණය කර නොතිබීම හේතුවෙන් රථවාහන ධාවනයේදි ගැටළු රැසක් මතු වී තිබුණි.
එම මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරිම සදහා ප්රවාහන, මහාමාරග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයෙන් රු.මිලියන 380ක ප්රතිපාදන වෙන් කර තිබුණි.
එම කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්රික් ප්රධාන ඉංජිනේරු සම්පත් සමරනායක ඇතුලු ප්රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

