දෙසැම්බර් 1වැනිදා සිට අභ්‍යාස පොත් මිල පහළට
13 November 2026
දෙසැම්බර් 1වැනිදා සිට අභ්‍යාස පොත් මිල පහළට
13 November 2026
අයවැය මගින් බදු අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාස පොත් මිල දෙසැම්බර් 01 සිට 18%කින් අඩුකරන බවට ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ මහතා මේ බව පැවසීය.
"පොත්පත් සඳහා පනවා තිබූ 18% ක වැට් බදු ඉවත් කරන බව ජනාධිපතිවරයා ඊයේ (12) දින 2027 අයවැය ඉදිරිපත් කරමින් සදහන් කිරීම බෙහෙවින් අගය කරනවා.
එම තීන්දුව කවදා සිට ක්‍රියාත්මක වන්නේද යන්න පැහැදිලි නෑ. නමුත් එළඹෙන දෙසැම්බර් මස 01 දින සිටම අභ්‍යාස පොත් ඇතුළු පොත්පත් වල මිල ගණන් 18 % කින් අඩු කිරීමට තම සංගමය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව වඩාත් සරලව ප්‍රකාශ කරන්නේ නම් රු. 10000.00 ක පොත් ලැයිස්තුවක් මිලදී ගැනීමේදී රු. 2000.00 කට ආසන්න මුදලක් මෙම තීරණය හේතුවෙන් පාරිභෝගිකයාට වාසියක් අත් වෙනවා."


