brand logo
logo
 ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

06 June 2026


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. 


තරග තීරක රිචී රිචඩ්සන් පෙන්වාදී ඇත්තේ, නියමිත කාලයේදී ඔවුන් පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කර තිබූ බවය. 


ඒ අනුව ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇත.


ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් විසින් සිය වරද පිළිගෙන ඇති බැවින් මේ සඳහා වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය නොවන බව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.


පසුගිය තුන්වෙනිදා ජැමෙයිකාහිදී දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පැවති අතර එය ලකුණු 41කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

 

More News..