අධිවේගයේ ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි
19 September 2026
අධිවේගයේ ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි
19 September 2026
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් අද (19) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය වෙයි.
ඒ මීට වසරකට පමණ ඉහතදී ප්‍රකාශයට පත්කෙරුනු නීති ප්‍රකාරවය.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු බවට මීට වසරකට පෙර නීති ප්‍රකාශයට පත්කෙරුණද එය ක්‍රියාත්මක නොවූයේ ඇතැම් වාහනවල පසුපස මගීන් සඳහා ආසන පටි නොමැතිවීම හේතුවෙනි.
ඒ අනුව පසුපස ආසනවලද ආසන පටි සවි කරගැනීම සඳහා ලබාදුන් වසරක කාලය අවසන් වීමෙන් පසු ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

