අධිවේගයේ ආසන පටි පැළඳීම සැප්තැම්බර් 20 සිට අනිවාර්යය කරයි
15 September 2026
අධිවේගයේ ආසන පටි පැළඳීම සැප්තැම්බර් 20 සිට අනිවාර්යය කරයි
15 September 2026
අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා මගීන් සඳහා ආසන පටි පැළඳීම එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්යය කිරීමට පියවර ගෙන තිබේ.
වාහන නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසන සඳහා ඒවා සවි කර ගැනීමට ලබා දී තිබූ සහන කාලය අවසන් කිරීම වෙනුවෙන් නිකුත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ නියෝග සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව ඇත.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
දිනෙන් දින ඉහළ යන රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීම සඳහා අංක 1717/14 දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් 2025.09.25 දින අංක 2455/29 ගැසට් නිවේදනය මගින් ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරිණි.
පසුව ආසන පටි සවි කරගැනීමට මාස 03ක සහන කාලයක් ලබා දුන් අතර, මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.
එහෙත් මහජන ඉල්ලීම් සලකා බලා එම කාලය 2026.03.20 සිට 2026.06.19 දක්වා නැවත දීර්ඝ කරන ලදී.

