brand logo
logo
මාඔයේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලෙයි

මාඔයේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලෙයි

16 August 2026



මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ දී මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ.


පොලිසිය සඳහන් කළේ, ඊයේ (15) පස්වරුවේ මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවය.


එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු මියගොස් ඇති අතර ඔහු 19 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය.


දියේ ගිලී අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි. 


 

More News..