නව චීන තානාපති හා ආරක්ෂක ලේකම් අතර හමුවක්
22 September 2026
නව චීන තානාපති හා ආරක්ෂක ලේකම් අතර හමුවක්
22 September 2026
ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් වූ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Wei Huaziang මහතා සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඒ, අද (22) ආරක්ෂක අමාත්‍යාංශයේදී ය.
මෙම සුහද හමුවේදී, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු කාලීන සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ චීන තානාපතිවරයා අදහස් හුවමාරු කර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව වෙත චීනය විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය සහ සහාය පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා සිය ස්තූතිය පළ කළේය.
මෙම අවස්ථාවට කොළඹ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Senior Colonel Fu Xiao ද සහභාගී විය.

