brand logo
logo
 ලෝක ජනාවාස දිනය අදයි

ලෝක ජනාවාස දිනය අදයි

05 October 2026


ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.


මෙවර එහි තේමාව වී ඇත්තේ ‘සැමට ප්‍රමාණවත් නිවාස‘ යන්නය.


ගෝලීය නිවාස අර්බුදය අවතැන් වූ ජනතාවගේ ගැටලු සහ අඩු ආදායම්ලාභීන්ට මෙන්ම නිවාස නොමැති ජනතාවට සුරක්ෂිත වාසස්ථානයක් ලබා දීමේ අවශ්‍යතාවය මෙමගින් අවධාරණය කරනු ලැබේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත්වන අතර නිෂ්චිත වාසස්ථානයක් නොමැති පිරිස බිලියන 1.1කට අධික බවය.


මේ අතර අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි

 

More News..