brand logo
logo
 ප්‍රසන්න රණතුංගගේ නඩුව කල් යයි

ප්‍රසන්න රණතුංගගේ නඩුව කල් යයි

20 October 2026


දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.


මෙම නඩුකරය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.


එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර ප්‍රසන්න රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටියේය.


ඒ අනුව නඩුකරය නැවත ජනවාරි මස 26 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.


සංචාරක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියෙන් සංචාරක අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයින්ට රක්ෂාණාවරණ ලබාදමේදී රජයට පාඩුවක් සිදු කළ බවට සැකපිට ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


 

 

More News..