ICC නැගීඑන ජාතීන්ගේ කාන්තා T20 ශූරතාව අපරාජිතව ශ්‍රී ලංකාවට
25 November 2026
ICC නැගීඑන ජාතීන්ගේ කාන්තා T20 ශූරතාව අපරාජිතව ශ්‍රී ලංකාවට
25 November 2026
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සංවිධානයෙන් පැවති නැගීඑන ජාතීන්ගේ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කිරුළ, කිසිදු තරගයක් පරාජය නොවී දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (25) සමත් වූහ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවති අවසන් තරගයේදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය හිමි කර ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමට, ශ්‍රී ලංකා පන්දු යවන්නියන් එල්ල කළ ප්‍රබල පීඩනය හමුවේ පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 96ක් පමණි. අයර්ලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ඇලනා ඩැල්සෙල් පන්දු 25කින් හතරේ පහරක් සමඟ ලකුණු 24ක් රැස් කළ අතර, අනෙකුත් පිතිකාරිනියන්ට ලකුණු අතරට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ නොදුන්හ.
ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 12.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ගනිමින් පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළේය.
ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ ඉමේෂා දුලානි පන්දු 25කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 44ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියාය. එම ඉනිමට මනා සහයක් ලබා දුන් ආරම්භක පිතිකාරිනි සංජනා කාවින්දි ලකුණු 22ක් ලබා ගත්තාය.
ස්කොට්ලන්තය, පාකිස්තානය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව් ගිනියාව සහ තායිලන්තය යන රටවල සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.


