බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් හදිසියේ රෝහල් ගත කෙරේ
20 July 2026
බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් හදිසියේ රෝහල් ගත කෙරේ
20 July 2026
කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ටර්නි සමන් මහතා පැවසුවේ ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටින දරුවන් 5 දෙනෙකු මේ වනවිට ත්‍රිකුණාමලය රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවය.
අදාළ ඇට වර්ගය එක් සිසුවෙකු විසින් නිවසින් රැගෙන විත් ඇති අතර මෙම සිසුන් එම ඇට අනුභව කිරීම හේතුවෙන් අසනීප වන්නට ඇතැයි සැක කෙරේ.
එම ඇට වර්ගය මේ වනවිට රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව ඒ මහතා කියා සිටියේය.
අසනීප වූ සිසුසන් අතර පිරිමි දරුවන් 20ක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් සියලුදෙනා 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව වාර්තා වේ.

