මිරිස්ස වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මළු 10කට වැඩි ප්‍රමාණයක් සොයාගැනේ
28 November 2026
මිරිස්ස වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මළු 10කට වැඩි ප්‍රමාණයක් සොයාගැනේ
28 November 2026
නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මිරිස්ස වෙරළ තීරයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන මළු 10කට වැඩි ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අද (28) මිරිස්ස පොල්අතුමෝදර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
එහිදී සැකකටයුතු මළු තොගය සොයාගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන වාහන දෙකක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවකද අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.


