brand logo
 මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු මරුට

මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු මරුට

27 April 2024



හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබේ. 


පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවය.


මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


 

More News..