ඩොල්ෆින් සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම්
08 August 2026
ඩොල්ෆින් සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම්
08 August 2026
බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් ආරම්භ වූ ඩොල්ෆින් සුළි කුණාටුවෙන් මේ වනවිට නිරිතදිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ලවී තිබේ.
1 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස සැලකෙන ඩොල්ෆින් පැයට කිලෝමීටර 198ක වේගයෙන් හමා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ගෝෂිමා සහ ඔකිනාවා ප්‍රාන්තවල පදිංචිකරුවන් 260,000 කට ආසන්න සංඛ්‍යාවකට ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් ගුවන්ගමන් 500කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව සඳහන්ය.
මෙම සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර චීන වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ හේතුවෙන් ෂැංහයි, ෂෙජියෑං සහ ෆුජියන් ප්‍රදේශවලට ද දැඩි වර්ෂා සහ ගංවතුර අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

