brand logo
logo
මෙරට වනඅලි - ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ජාතික වැඩපිළිවෙලක්

මෙරට වනඅලි - ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ජාතික වැඩපිළිවෙලක්

25 October 2026


ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සංකල්පයකට අනුව වන අලි ඇතුන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි මිනිස් ගැටුම් අවම කිරීම අරමුණු කර ගනිමින් මෙය ක්‍රියාවට නැංවේ.


පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනි දින පරිසර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.


ඒ අනුව ත්‍රිවිධ හමුදාව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය විශේෂඥයින් සහ අනෙකුත් අදාළ ආයතන අතර මෙහෙයුම් සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද යෝජනා කර ඇත.


වනඅලි ඝාතන සහ අනෙකුත් වනජීවි අපරාධ වැළැක්වීම නිරීක්ෂණ කටයුතු සහ තොරතුරු හවුමාරුව ශක්තිමත් කිරීම මෙන්ම අලි මිනිස් ගැටුම් බහුල ප්‍රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහාය ලබාදීම ද මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛ අරමුණු අතර වේ.


තවද වන අලි ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා සාමාජිකයින් සඳහා විශේෂ පුහුණුවක් ලබාදිම සහ වනජීවි නිලධාරීන් සමග සමීප සහයෝගීතාවක් වර්ධනය කිරීම සඳහාද යෝජිත වැඩපිළිවෙල යටතේ අවධානය යොමු කෙරිණි.

 

More News..