brand logo
logo
මෙරට එල් නිනෝ වර්ධනය ගැන නව තත්ත්වය

මෙරට එල් නිනෝ වර්ධනය ගැන නව තත්ත්වය

25 July 2026

මේ වන විට එල් නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාව දුර්වල එල් නිනෝ තත්ත්වයේ සිට මධ්‍යස්ථ එල් නිනෝ තත්ත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බවය.


මේ හේතුවෙන් මෙරට වැසි රටාවේ යම් වෙනසක් සිදුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා පැවසුවේ ඇතැම් කාලවලදී එය ගංවතුර තත්ත්වයක් දක්වාද වර්ධනය විය හැකි බවය.


එල් නිනෝ තත්ත්වයකදී වැසි නොලැබීම පමණක් නොව වැසි තත්ත්වයේ වැඩි වීමක්ද වැසි රටවාවේ වෙනසක් සිදුවිය හැකි බවද පැවසූ ඒ මහතා ඒ අනුව මෙරට නිරිතදිග මෝසම්, ඊසානදිග, මෙන්ම අන්තර් මෝසම් වැසි රටාවන්ද වෙනස් විය හැකි බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා,

"එල් නිනෝ කියන සංසිද්ධිය මේ වෙනකොට ක්‍රියාත්මකයි. එල් නිනෝ තත්ත්වයක තමයි අපි ඉන්නේ. ලෝකයට දැන් දුර්වල මට්ටමේ එල් නිනෝවක් තමයි හටගෙන තියෙන්නේ. එල් නිනෝවක් අවස්ථා 4කට වර්ගීකරණය කරනවා. ඒක දුර්වල එල් නිනෝවක් වෙන්න පුළුවන්, නැත්නම් මධ්‍යස්ථ එකක් වෙන්න පුළුවන්, ප්‍රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්, අති ප්‍රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නේ දුර්වල එල් නිනෝවේ සිට මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් පවතින එල් නිනෝවක.. මේ වෙනකොට ලංකාව ඇතුළු ලෝකයේ ගොඩක් රටවලට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම් පටන් අරන් තියෙන්නේ... මේ එල් නිනෝවක් අද ඇවිත් හෙට ඉවර වෙන්නේ නෑ. මේක ඇත්තටම ගත්තොත් මාස 10-12ක් අවුරුද්දක් දක්වා තියෙන්න පුළුවන්. එල් නිනෝ කියන එක අවුරුද්දක්ම අපිට පායන්නෙත් නෑ, අවුරුද්දක්ම අපිට වහින්නෙත් නෑ ඒක තමා අපි පැහැදිලිව කියන්නේ එල් නිනෝ සංසිද්ධියත් එක්ක අපේ නිරිත දිග මෝසම, ඊසාන දිග මෝසම ඒ වගේම අපේ අන්තර් මෝසම් වගේම මේ වැසි රටාවන් සහ උෂ්ණත්වයට බලපෑම් කිරීමක් තමයි මේ එල් නිනෝවෙන් සිද්ධ වෙන්නේ. අපි පැහැදිලිව කියන්නේ අපේ නිරිත දිග මෝසමේ වැස්ස අඩු කරනවා ඊසානදිග මෝසමේ වැස්ස මුල් කාලයේ තරමක් වැඩිවෙනවා. ඊසානදිගේ අවසාන කාලයේදී වැස්ස අඩුවෙනවා. හැබැයි අපේ ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසම් කාලයේදී උෂ්ණත්වය තරමක් වැඩි වුණත් වැස්ස වැඩි වෙනවා. ඒ නිසා ඔක්තෝබර් නොවැම්බර් කාලවලදි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැසි ලැබේවි. සමහර අවස්ථාවල ගංවතුරක් එන්නත් පුළුවන්." 


 

More News..