මුහුදු තහනමෙන් මාළු මිල ඉහළට
05 August 2026 | ශිරාන් රණසිංහ
මුහුදු තහනමෙන් මාළු මිල ඉහළට
05 August 2026 | ශිරාන් රණසිංහ
නැගෙනහිර සහ දකුණු මුහුදු තීරය හැර අනෙක් ප්‍රදේශවල ධීවර කටයුතු තහනම් කිරීමත් සමග මාළු අස්වැන්න සියයට පනහකින් පමණ අඩුවී තිබෙන අතර මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මාළු හිඟ වී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි සඳහන් කරයි.
මාළු හිඟයත් සමග මාළු මිල ගණන් ද තවත් ඉහළ යාම හේතුවෙන් තොග මිලදී ගැනීම සඳහා සිල්ලර වෙළෙඳුන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය වෙත පැමිණීම ද ඉතා පහළ මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය.
කිලිනොච්චිය, මන්නාරම, හලාවත, මීගමුව, කොළඹ, බේරුවල ආදී ප්‍රදේශවල මුහුදේ පවතින අධික සුළං සහ කැලඹීම් සහගත තත්ත්වය නිසා දියඹට යාම මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

