අකුණු සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
14 September 2026
අකුණු සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
14 September 2026
කහටගස්දිගිලිය, ලුල්නෑව වැවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ (13) පස්වරු 4:45 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය, බේත්කෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය තැනැත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර වෛද්‍ය හේතූන් මත පසුව විශ්‍රාම ලබා සිටි අයෙකු බව පොලිසිය පවසයි.
අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

