හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කුයිල්වත්තෙන් පස් කන්දක් කඩාවැටෙයි
24 September 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කුයිල්වත්තෙන් පස් කන්දක් කඩාවැටෙයි
24 September 2026
පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන්, ප්‍රධාන මාර්ගයට අද (24) සවස පස් කන්දක් කඩාවැටී තිබේ.
මේ වනවිට එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
මාර්ගයට කඩාවැටුණු පස් කන්ද කඩිනමින් ඉවත් කරන බව නෝවුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය සඳහන් කළේය.

