brand logo
logo
ළහිරු බොක්සිං වළල්ලේ පෙරට යද්දී චමරිලාගේ රන් සටන අද

ළහිරු බොක්සිං වළල්ලේ පෙරට යද්දී චමරිලාගේ රන් සටන අද

22 September 2026


ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං පිරිමි ඉසව්වේ කිලෝග්‍රෑම් 70 බර පන්තියේ මූලික වටයේදී ජය හිමිකර ගැනීමට මෙරට ක්‍රීඩක ළහිරු චන්ද්‍රබණ්ඩාර ඊයේ (21 වැනිදා) සමත් වූයේය. මේ අතර කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (22 වැනිදා) තරග වැදීමට නියමිතය.


නිශිඕ ක්‍රීඩා සංකීර්ණයේදී යේමන ක්‍රීඩක සයීඩ් මුස්ටාෆා සමගින් බොක්සිං මූලික වටයේ තරගයේ තරග වැදුණු ළහිරු එහිදී විනිසුරු මනාප 4-1ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර කිලෝග්‍රෑම් 70 බර පන්තියේ අවසන් 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීය. ඔහු අනිද්දා (24 වැනිදා) පැවැත්වෙන එම තරග වටයේදී කසකස්තාන ක්‍රීඩක ඉක්තියාර් නිශොනොව් සමගින් තරග වැදීමට නියමිතය.


මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම රන් පදක්කම් බලාපොරොත්තුව වන කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වන තරගය ඉන්දියාව සමගින් අද මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිතය. මින් පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේදී ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූ අතර, පසුගිය 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත්තේය.


මේ අතර ඊයේ පැවැති අනෙකුත් තරගවලින් සාර්ථකත්වයක් හිමිකර ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපොහොසත් වූහ. කරාතේ කාතා පිරිමි ඉසව්වෙන් තරග වැදුණු මෙරට ක්‍රීඩක එඩ්වඩ් බ්‍රයන් සිය ප්‍රථම තරගය ජපාන ක්‍රීඩක කකෙරු නිශියම හමුවේ ලකුණු 5-0ක් ලෙස පරාජයට පත් වූ අතර අනතුරුව ඔහු තරග වැදුණු රීපචාජ් තරග වටයේ තරගයේදීද ඔහුට ඉන්දුනීසියානු ක්‍රීඩක ක්‍රිස්ටෝපර් සෙටිඅබුඩි වෙතින් ලකුණු 5-0ක් ලෙස පරාජයට පත් වීමට සිදුවිය. එසේම පිරිමි නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික අදියරේ දෙවැනි තරගයේදී දිසඳු නිරිඇල්ල 6 වැනි ස්ථානය හිමිකරගත් අතර සමස්ත කාල ගණනයේදී ඔහුට 27 වැනි ස්ථානය හිමිවිය. මෙහිදී තත්පර 24.35ක නිමිකාලයක් වාර්තා කරමින් සිය පුද්ගලික ඉහළම දක්ෂතාව සටහන් කිරීමට සමත් වූයේය.


එසේම කණ්ඩායම් තරග ලෙස පැවැති බීච් වොලිබෝල් කාන්තා ඉසව්වේ ඉන්දුනීසියාව සමග පැවැති තරගයේදී තරග වට 2-0ක පාරජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. තරග වට දෙකෙහි 21 - 14ක් සහ 21 - 17ක් ලෙස ලකුණු තත්ත්වය දැක්විණි. එම ඉසව්වේ පිරිමි කාණ්ඩයේ තායිලන්තය සමග පැවැති තරගයේදී මෙරට ක්‍රීඩකයෝ තරග වට 2-0ක පරාජයක් අත්වින්දෝය. එසේම තුන් සාමාජික පැසිපන්දු පිරිමි ඉසව්වේ කසකස්තානය සමග පැවැති තරගයේදී ලකුණු 15-17ක තියුණු පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර එම ඉසව්වේ තායිලන්තය සමග පැවැති තරගයේදී ලකුණු 21-12ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජයට පත් වූහ. තව ද කබඩි කාන්තා ඉසව්වේ 'බී' කාණ්ඩයේ ප්‍රථම තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 28-40ක පරාජයක් ශ්‍රී ලංකා කාන්තා පිලට

 

More News..