brand logo
logo
රුහුණු කෘෂි පීඨයේ වෛරස් උණක්

රුහුණු කෘෂි පීඨයේ වෛරස් උණක්

05 October 2026


පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ අවසන් වසරේ සිසුන් හැර අනෙකුත් සිසුන්ගේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පාලන අධිකාරිය තීරණය කර තිබේ.


පසුගිය සති දෙකක පමණ කාලය තුළ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන් 30 දෙනෙකු පමණ වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බව සඳහන් වාර්තා වෙයි.


වෛරස් උණ රෝගී තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, මෙම ක්‍රමවේදය එළැඹෙන සිකුරාද දක්වා ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.

 

More News..