දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
20 October 2026
දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
20 October 2026
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම් නිවේදනය අද (20) පස්වරු 4:00 සිට හෙට (21) පස්වරු 4:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.
මට්ටම 2 - අවධානම් ( ඇම්බර්) අනතුරු ඇඟවීම්
ප්රදේශවල පවතින වර්ෂාපතන තත්ත්වය මත පහත ප්රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.
කෑගල්ල දිස්ත්රික්කය - මාවනැල්ල, අරණායක, යටියන්තොට සහ බුලත්කොහුපිටිය.
රත්නපුර දිස්ත්රික්කය - කුරුවිට, ඇලපත සහ රත්නපුර.
මට්ටම 1 - විමසිලිමත් වීමේ (කහ) අනතුරු ඇඟවීම්
පහත ප්රදේශවලට තවදුරටත් විමසිලිමත් වන ලෙස දැනුම් දී ඇත.
බදුල්ල දිස්ත්රික්කය - හපුතලේ, හල්දුමුල්ල සහ පස්සර.
කෑගල්ල දිස්ත්රික්කය - වරකාපොළ, රඹුක්කන, රුවන්වැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල.
මාතලේ දිස්ත්රික්කය - රත්තොට, මාතලේ, අඹන්ගඟ කෝරළය සහ උකුවෙල.
නුවරඑළිය දිස්ත්රික්කය - අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, නිල්දණ්ඩහින්න සහ මතුරට.
රත්නපුර දිස්ත්රික්කය - කොළොන්න, ඉඹුල්පේ, නිවිතිගල, වැලිගෙපොළ, බලංගොඩ, කළවාන, ඇහැළියගොඩ සහ අයගම.
අදාළ ප්රදේශවල නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, අවශ්ය නම් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

