ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
16 September 2026
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
16 September 2026
ප්‍රදේශ කිහිපයතකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව,ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
අද (16) පෙ.ව.10.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය රාත්‍රී 11.30දක්වා වලංගු වෙයි.

