brand logo
logo
 ඊශ්‍රායල් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

ඊශ්‍රායල් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

03 October 2026


ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අදාළ සැකකරු පසුගිය මහමැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කය සඳහා පෙනී සිටි අයෙකු වන අතර, ඔහු පසුගිය රජය සමයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද පෙනී සිට ඇති බවට විමර්ශනවල දී අනාවරණ වී ඇති බව  

එම කාර්යංශය පැවසීය.


සැකකරු විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තුළට අදාළ පැමිණිලිකරු කැඳවාගෙන ගොස් විශ්වාසයක් ඇතිවන පරිදි කටයුතු කර මෙම වංචාව සිදුකර ඇති බවටත් විමර්ශනවලදී හෙළිවී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යාල සහකාර තනතුරුවලට පුද්ගලයන් බඳවා ගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන ද සොයාගෙන ඇත.


මෙම පුද්ගලයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් මෙම වංචනික ක්‍රියාවන් දීර්ඝ කාලයක් පූරා සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

 

More News..