brand logo
logo
 උසස් පෙළ විභාග ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර

උසස් පෙළ විභාග ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර

25 March 2026 | නිලන්ත මදුරාවල



උසස් පෙළ විභාග ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ‘අරුණ’ ට ඊයේ (24 වැනිදා) පැවසුවාය.


පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වූ උසස් පෙළ විභාගයේ විෂයයන් කිහිපයක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල්දැමීමට සිදු වූ අතර එම විෂයයන් පැවැත්වූයේ ජනවාරි මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලයේ දී ය. විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ද පසුගිය 16 වැනිදා අවසන් කෙරිණි.


විභාගය සඳහා තුන් ලක්ෂයක පමණ අයැදුම්කරුවන් පිරිසක් පෙනී සිටියහ.


මේ අතර ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා ඊයේ සිට අයැදුම්පත් කැඳවා ඇති අතර අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලබන මස 24 වැනිදා ය.


 

More News..