brand logo
logo
2025දී ආර්ථික වර්ධනය 5%ක්

2025දී ආර්ථික වර්ධනය 5%ක්

17 March 2026

2025 වර්ෂයේ සිව්වන කාර්තුව (ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා) සහ සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


එම වාර්තාවට අනුව, 2024 වසරේ ස්ථාවර මිල (2015) යටතේ රු. 12,508,954 මිලියන ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2025 වසරේදී රු. 13,128,577 මිලියන දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 5.0%ක වර්ධනයක් ලෙස ඇස්තමේන්තු කර ඇත.


ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුන වන කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් 2025 වසරේදී පිළිවෙළින් 1.4%, 7.8% සහ 3.3% ලෙස වර්ධනය වී ඇති බව ද සඳහන් වේ.


තවද, 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය 4.8%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සෘජු වර්ධනයක් පෙන්නුම් කරන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 

More News..