චීන තානාපති මහනුවර ශ්රී චන්ද්රානන්ද බෞද්ධ විද්යාලයේ සංචාරයක
18 October 2026 | කමල් සුරවීර-මහනුවර
චීන තානාපති මහනුවර ශ්රී චන්ද්රානන්ද බෞද්ධ විද්යාලයේ සංචාරයක
18 October 2026 | කමල් සුරවීර-මහනුවර
මහනුවර ශ්රී චන්ද්රානන්ද බෞද්ධ විද්යාලයේ නිර්මාතෘ, අතිපූජ්ය ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ මේ මස ඊයේ (17) හමුවූ චීන තානාපති වෙයි හුවාෂියැං , චීන - ශ්රී ලංකා බෞද්ධ සංස්කෘතික හුවමාරුව සහ අධ්යාපන සහයෝගීතාව පිළිබඳව මිත්රශීලී සාකච්ඡාවක නිරත විය.
මෙම සංචාරයේදී යුනාන් පළාත් ආණ්ඩුකාර ශිෂ්යත්ව වැඩසටහන යටතේ චීන පාර්ශ්වයෙන් ලබා දී ඇති ශිෂ්යත්ව ආධාර පිළිබඳව ස්වාමීන් වහන්සේ සිය කෘතඥතාව පළ කළ අතර, විද්යාලයේ දක්ෂ සිසුන් හය දෙනෙකු මේ වසරේ යුනාන් විද්යා හා තාක්ෂණ විශ්වවිද්යාලයේ උපාධි අපේක්ෂක අධ්යාපනය හැදෑරීමට නියමිත බව සඳහන් කළේය.
මහනුවර සංචාරය අතරතුර තානාපතිවරයා විද්යාලයේ බාලිකා හා බාලක අංශ වෙත ගොස්, ගුරුවරුන් සහ සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ට ලියන ද්රව්ය තෑගි කළේය.
සංස්කෘතික හා අධ්යාපන කටයුතු පිළිබඳ උපදේශක ජී ලිලි සහ ශ්රී චන්ද්රානන්ද බෞද්ධ විද්යාලයේ විදුහල්පති පූජ්ය ගොඩගම ධම්මකිත්ති හිමි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

