නවක වෛද්‍යවරුන් 406කට සීමාවාසික පුහුණුව
09 June 2023
නවක වෛද්‍යවරුන් 406කට සීමාවාසික පුහුණුව
09 June 2023
වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් හාරසිය හය දෙනකු ලබන 27 වැනිදාට පෙර රෝහල් 63කට සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
දැනට රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් හයසිය අනූහතර දෙනකුගේ පුහුණු කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිත අතර, ඊට සමගාමීව මෙම නවක වෛද්‍යවරුන් පිරිස අදාළ රෝහල් කරා අනුයුක්ත කිරීමට නියමිතය.
මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ වෛද්‍යවරුන් තිස්දහස (30,000)කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
පවුල් සෞඛ්‍ය නිලධාරීන් 222දෙනකු ද පසුගියදා සෞඛ්‍ය ක්ෂේත්‍රයට බඳවාගත් අතර, හෙද සේවාව සඳහා නවක හෙද හෙදියන් 3316 දෙනකු පුහුණුව සඳහා කඩිනමින් යොමු කිරීමට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.