brand logoaward badge
 ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට

ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට

11 March 2025

යාපනය, තෙලිප්පලෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පැවසීය.


රෝහලේ පිරිසිදු සේවා කටයුතු වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් හරහා සේවයට ගත් පුද්ගලයෙකු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.


අදාළ කාන්තාව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.


සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


 

More News..