ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට
16 October 2026
ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට
16 October 2026
කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට අයත් මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
ඒ, මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසින් වාරික ගෙවීම හේතුවෙනි.
අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ලබාදීමට වරුණි බෝගහවත්ත මහත්මිය අපොහොසත්වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසීය.

