ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු කඩිනමින් ගෙන්නා ගැනීමට එරට අවධානය
10 March 2026
ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු කඩිනමින් ගෙන්නා ගැනීමට එරට අවධානය
10 March 2026
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයට ලක්වූ ඉරාන අයිරිස් ඩෙනා නෞකාවේ මියගිය නාවිකයින්ගේ මළ සිරුරු ඉක්මනින් තම රටට ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉරානය පවසයි.
ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කර ඇති නිවේදනයකට අනුව හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය සඳහන් කර ඇත්තේ අදාළ මළ සිරුරු 104න් 84ක් හඳුනාගෙන ඇති බවත් එම මළ සිරුරු ඉක්මනින් ඉරානයට ආපසු ලබා ගන්නා බවය.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උත්සාහයෙන් සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් මෙම සිරුරු නැවත ගෙන්වා ගැනීම සිදුවනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම මියගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු ආපසු ගෙන්වා නොගන්නා ලෙස වොෂින්ටනය ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බවය.

