brand logo
logo
හෙරොයින් සමඟ සැකකරුවෙකු අම්පාරේදී අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු අම්පාරේදී අත්අඩංගුවට

18 October 2026


අම්පාර, ගල්මඩුව ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අම්පාර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය සමත්ව තිබේ.


සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,340ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


මුවංගල සහ ඒ අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. 


බුද්ධික නොහොත් 'මැක්කා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු පොලිසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත. 


මුවංගල සහ ඒ අවට ගම්මානවල තරුණයන් ඉලක්ක කරගනිමින් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබේ. 


අම්පාර සහ මඩකලපුව දිසාවන් භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ නියෝග මත, අම්පාර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි සහ අම්පාර කොට්ඨාස 1 භාර සහකාර පොලිස් අධිකාරී සම්පත් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.


අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ඉන්ද්‍රජිත් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සනත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 

More News..